ලොකු ලූනු අපනයන තහනම දිගු කරයි
By Sewvandhi
ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
එරට බලධාරීන් මීට පෙර අදාළ තහනම ලබන 31 වනදායින් අවසන් කිරීමට තීරණය කර තිබුණා.
පවතින තත්ත්වය සළකා බලා එම තහනම නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කිරීමටයි, ඉන්දීය වෙළඳ බලධාරීන් තීරණ කර ඇත්තේ.