සියලු ගිවිසුම්වල මෑණියන් වූ ගිවිසුමට ඉන්දියාව සහ යුරෝපා සංගම් එළඹෙයි
By Kaushi
ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) වසර 20 කට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවලින් පසුව ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් නියෝජනය කරන මෙම ගිවිසුම ජාත්‍යන්තර මාධ්‍ය මඟින් "සියලු ගිවිසුම්වල මෑණියන්" (Mother of all deals) වශයෙන් හඳුන්වයි.
මේ බව අද (27) වන දින නවදිල්ලියේ පැවති 16 වැනි ඉන්දියා-යුරෝපා සංගම් සමුළුවේදී නිවේදනය කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් සහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා යන නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙය සිදු වූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.