ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක තොගයක්

Report

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියේ භාවිතය සඳහා ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක ප්‍රමාණයක් ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

අදාළ ඖෂධ තොගය ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් ඊයේ (28) දිනයේ කොළඹ වෙත ලබාදී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා තහවුරු කළේය.

තම නිල 'X' (ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපයා ගැනීමට සහ සෞඛ්‍ය පද්ධතිය සබල ගැන්වීමට ඉන්දියාව අඛණ්ඩව කැපවී සිටින බවයි.

ත්‍රිකුණාමලය – හොරොව්පොතාන ප්‍රධාන මාර්ගය සසල කළ බිහිසුණු අනතුරක් - එකම පවුලේ සිව්දෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට - තිදෙනෙකුට බරපතළයි

ත්‍රිකුණාමලය – හොරොව්පොතාන ප්‍රධාන මාර්ගය සසල කළ බිහිසුණු අනතුරක් - එකම පවුලේ සිව්දෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට - තිදෙනෙකුට බරපතළයි

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්