මරණීය දණ්ඩනය හිමි ෂේක් හසීනා ගැන ඉන්දියාවේ ප්‍රතිචාර

Report

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය අදහස් පළ කර ඇත.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මරණ දඩුවම හිමි ෂේක් හසීනා කට අරී

මරණ දඩුවම හිමි ෂේක් හසීනා කට අරී

එම නිවේදනයෙන් ඉන්දියාව වාර්තා කර ඇත්තේ බංග්ලාදේශ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවී සිටින බවත් සෑම විටම සියලු කොටස්කරුවන් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වන බවත්ය.

එමෙන්ම අදාල තීන්දුව ඉන්දියාව සැලකිල්ලට ගෙන තිබෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.  

ෂෙයික් හසීනාට මරණ දඬුවම

ෂෙයික් හසීනාට මරණ දඬුවම