අයවැයෙන් වැඩි කළ රාජ්‍ය සේවකයින්ගේ රු. 10,000 ලැබෙන පමාවට වාෂ්ප වන හැටි.

Parliament of Sri Lanka Ranil Wickremesinghe Government Employee Sri Lanka Budget 2024 - sri lanka
By Wayomi Nov 14, 2023 11:12 AM GMT
Wayomi

Wayomi

Report

රජයේ සේවකයන්ට අයවැයෙන් දුන් රුපියල් 10000 වාෂ්ප වන හැටි ජාතික ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය අද(14) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරනු ලැබුවා.

එහිදී ඇය කියා සිටියේ,රුපියල් 10000 ම වැඩි කරන ලද බදු ගෙවීමට සහ වැඩි කළ ආහාර මිලදී ගැනීමට බවත්, ඒ අනුව පඩිය වැඩි කිරීමෙන් රජයේ සේවකයන්ට කිසිම ප්‍රතිලාභයක් අත් නොවන බවත් පෙන්වා දෙනවා.

"මේ විප්ලවීය අය බව ආණ්ඩු පාර්ශවය කියනවා.මෙහි සුරංගනා කථා හැර කිසිම විප්ලවීය බවක් නම් පේන්නේ නෑ.

දැන් අයවැය යෝජනාවලට පෙර පාපොච්චාරණයක් කරන්න පුරුදු වෙලා තිබෙනවා.දශක ගණනාවක වැරදි පෙන්වා දෙමින් වැරදි නිවැරදි කළ යුතු බවට 2023 වසරේ දීත් කිව්වා.මේ අලුත් බව මොකක්ද කියන එක ප්‍රහේලිකාවක්.

රට අර්බුදයට මුහුණදීම සඳහා ගෙන තිබෙන අලුත් යෝජනා මොනවාද කියා කිසිසේත් පැහැදිලි නැහැ.

අයවැය පරතරය මග හැරීම සඳහා තිබෙන සම්පත් විකිණීම, බදු අය කිරීම, හැරෙන්න වෙන කිසිම යෝජනාවක් ඉදිරිපත් කර නැහැ"

ReeCha