මේ මාස තුනට මෙච්චර සංචාරකයින් ? මේකනම් බලන්නම ඕන නිව්ස් එකක්

Sri Lanka Tourism Sri Lanka Gossip Today Gossip Lanka
By Zara Mar 28, 2025 02:20 PM GMT
Zara

Zara

Report

මෙම වර්ෂයේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 26 වනදා දක්වා සංචාරකයන් හය ලක්ෂ 84,960 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මාර්තු මස පළමු දින 26 තුළ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 2කට (191,982) ආසන්න වනවා.

ඒ අනුව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පවසන්නේ, මේ වසරේ ඉලක්කය වන විදෙස් සංචාරකයින් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර රැසක් ගනිමින් සිටින බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ රුවන් චමින්ද රණසිංහ මහතා,

"අපි ඉලක්ක කරලා තියෙන්නේ ඉන්දියාව, මැද පෙරදිග, ජපානය, ඔස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය, චීනය යන රටවලින් සංචාරකයන් ආකර්ශනය කරගන්න.

මේ වසර අවසානයේ ජාත්‍යන්තර සර්ෆින් තරගාවලියක් අපි සැලසුම්කර තිබෙනවා. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ කණ්ඩායම් එකතුකරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ සහයෝගයෙන් නැගෙනහිර වෙරළ තීරයට ඉතාමත් හොද කාලසීමාවක් වෙයි කියලා හිතනවා" යනුවෙන් පවසීය.  

බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්

බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්

රාජස්ථානය පරාජය කළ වනිඳු හසරංග

රාජස්ථානය පරාජය කළ වනිඳු හසරංග

ReeCha