මෙරට විශ්වවිද්‍යාලයක් කැළඹුණු ලිංගික අතවර සිද්ධිය.වහාම විශ්ව විද්‍යාලයත් වසා දමයි...
කැලණිය විශ්වවිද්‍යාලය ඊයේ(4) හදිසියේ වසා දැමීමට එම විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගෙන තිබෙනවා.
ඊට පදනම් වී තිබෙන්නේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක ආබාදිත සිසුවෙකුගේ මවට එම නේවාසිකාගාරයේ ආරක්ෂක නිළධාරියෙක් ලිංගික බලපෑම් සිදු කර තිබීමයි.
මේ බව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරනවා.
විශ්ව විද්‍යාලයේ සිසුන්ට මේ වන විට විශ්ව විද්‍යාලය තහනම් ප්‍රදේශයක් බවට පත් කර ඇත්තේ ආරක්ෂක නිළධාරියාට සිසුන් පහර දීමක් නිසා බව ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වුවද මේ හේතුවෙන් ඊයේ(4) සවස විශ්ව විද්‍යාලය අසල විරෝධතාවක්ද පැවැත්වුණා.
මේ සිද්දියට අදාලව ඊයේ විශ්ව විද්‍යාලය සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත් කර තිබූ අතර අද පරිගණක විද්‍යා හා වෛද්‍ය පීඨ හැර අනෙක් සිසුන්ට විශ්වවිද්‍යාලය තවදුරටත් වසා දමා තිබෙනවා.