ලොකු ළූනු ගැන එකපාරට ලොකුවටම ගත්ත තීරණය මෙන්න..

Report

ශ්‍රී ලංකාව යළිත් වරක් පාකිස්තානයෙන් ලොකු ළූනු ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලොකු ළූනු ගැන එකපාරට ලොකුවටම ගත්ත තීරණය මෙන්න.. | Importing Large Onions From Pakistan

පාකිස්තානය විසින් ලොකු ළූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ළූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ළූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.

මේ වනවිටත් වෙළෙඳපොළ තුළ ලොකු ළූනු මිල පහළ ගොස් තිබෙනවා.

චීනයෙන් ආනයනය කරන ලද ලොකු ළූනු කිලෝග්‍රෑම් එකක් රුපියල් 200ත් 300ත් අතර මිලකට වෙළෙඳපොළ තුළ පවතින බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර, පසුගිය දා ඉන්දියාව ද ලොකු ළූනු අපනයනයට පනවා තිබූ තහනම ඉවත් කර ශ්‍රී ලංකාවට ලොකු ළූනු මෙට්‍රික් ටොන් දස දහසක් අපනයනය කිරීමට එකඟතාව පළකර තිබුණේ ය.

කෙසේ වෙතත්, අදාළ ලොකු ළූනු වෙළෙඳ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙරටට ආනයනය කර සතොස හරහා ජනතාවට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ය.