සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි... අනිවාර්යයෙන්ම විභාගය ලියූ සියලු සිසුන් සැලකිය යුතුම දේ මෙන්න...
අපොස සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල පිළිබදව ගගන අපි ඔබට ලබා දුන් පුරෝකතන යථාර්ථයක් බවට පත් කරමින් අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද උදෑසන නිකුත් වුණා.
එමෙන්ම නැවත සමීක්ෂණ සදහා අයදුම් කිරීමටත් මේ වන විට හැකියාව තිබෙනවා.
මේ වන විට බොහෝ දෙනෙකුගේ ප්‍රතිඵල සමාජය මාධ්‍යන්හි පලකරන ප්‍රතිඵල රැල්ලක් අපිට සමාජ මාධ්‍ය යේ දක්නට ලැබෙනවා.
විභාගය සමත් වුවද වැදගත් වන්නේ ඔබ ඊළග කඩයින සදහා තෝරාගන්න විශයන් වේ.
ඇතැම් දරුවන් තමන් අකමැති අමාරු විශයන් උසස්පෙළට තෝරාගෙන උසස්පෙළ අසමත් වෙන අවස්ථා තිබෙනවා.
කොහොම වුණත් මෙවැනි දේ සිදුවීමට පෙර තමාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලද සැලකිල්ලට ගෙන තමා කැමතිම විශයන් තමාගේ හැකියාව මතද පදනම්ව තෝරා ගැනීම තුළින් ඔබට උසස්පෙළත් ඉතා හොදින් ජය ගැනීමට හැකියාව තිබෙනවා.
මේ වන විට විභාගය අසමත් දරුවන්ද බොහෝමයක් ඉන්නවා. විභාගය අසමත් වුවද නැවත වතාවක් විභාගය කිරීමේ හැකියාව ගැන ඔබ මේවන විට දන්නවා.
විශේෂයෙන්ම මව්පියන් දරුවන්ගේ මානසිකත්වය පිළිබදව අවධානයෙන් සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා.
දරුවන් දිරි ගන්වමින් ඉදිරියේදි විභාගය සමත් වීමට හෝ වෙනත් ක්ෂේත්‍රයක් ඔස්සේ ජීවිතය ඉදිරියට කරගෙන යෑම සදහා දිරි ගැන්වීම ඉතාම වැදගත් වෙනවා.
නමුත් අපි මොනයම් ක්ශේත්‍රයකට ගියද අධ්‍යාපනය අවියක් වන බැවින් විභාග දෙපාර්ථමේන්තුවෙන්ම ලබා දී ඇති දෙවනි අවස්ථාව ලබාගෙන විභාගය සමත් වීමට උත්සාහ කිරීම ඉතාම වැදගත් වෙනවා.
මීළග වැදගත් කාරණය වන්නේ විභාගය අසමත් වුවද ජීවිතේ ජය ගැනීමට අවශ්‍ය ක්ෂේත්‍ර පිළිබදව දරුවන් දැනුම්වත් කිරීමයි.
එසේනම් අපි බලමු මොනවද මේ ක්ෂේත්‍ර කියලා. දිවයින පුරා මේ වන විට කාර්මික විද්‍යාල ගණනාවක් තිබෙනවා.
එවැනි කාර්මික විද්‍යාල ඔස්සේ වෘත්තීය පුහුණුව ලබා ගන්නා දරු දැරියන්ට පුහුණුවක්ද ලබා ගැනීමට හැකිවන අතර ඒ ඔස්සේ රැකියාවක් කිරීමේ හැකියාව තිබෙනවා.
එසේනම් ඒ ඔස්සේ ගොස් වෘත්තීය පුහුණුව මගින් ජීවිතය ජය ගැනීමටත් ඔබට අවස්තාව තිබෙනවා.
විභාගය සමත් වුණත් අසමත් වුණත් ඔබේ ආත්මවිශ්වාසයෙන් සහ නිවැරදි දැක්මෙන් ගමන් කරන්නේ නම් ඔබේ ජීවිතය සමත් වෙන්නට ඔබට අවකාශය නියත්වශයෙන්ම හිමිවනවා.
ගගන
