වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පනයි - අද සිට ක්‍රියාත්මකයි.. රජයෙන් විශේෂ තීරණයක් මෙන්න.

Report

අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි ටින් මාලු‍ ආනයනය නතර කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පනයි - අද සිට ක්‍රියාත්මකයි.. රජයෙන් විශේෂ තීරණයක් මෙන්න. | Import Of Canned Fish Is Suspendedri

ඒ දේශීය ටින් මාලු‍ කර්මාන්තය සහ මෙරට ධීවරයා ශක්තිමත් කිරීමේ අරමුණින් ය.

ඒ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ධීවර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එයට අදාළ උපදෙස් ලබා දී තිබෙනවා.

අද ටින් මාලු‍ නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ ධීවර අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ජාවක දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ.

මෙරට ටින් මාලු කර්මාන්තශාලා සදහා සිය මත්ස්‍ය අස්වැන්න මිල දී නොගැනීම හේතුවෙන් තමන් දැඩි අපහාසුවට පත් ව ඇති බවට ධීවරයන් චෝදනා කළේ ය.

මීට පෙර ටින් මාලු කර්මාන්තශාලා සදහා සිය මත්ස්‍ය අස්වැන්න මිල දී ගනු ලැබුව ද වැට් බදු ඉහළ දැමීමත් සමග මිල ඉහළ යාම නිසා කර්මාන්තශාලා හිමිකරුවන් විසින් ටින් මාලු පිටරටින් ආනයනයට කටයුතු කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පනයි - අද සිට ක්‍රියාත්මකයි.. රජයෙන් විශේෂ තීරණයක් මෙන්න. | Import Of Canned Fish Is Suspendedri

ධීවර සංගම් සඳහන් කළේ ඒ අනුව එක් කෝටි අනූ ලක්ෂයකට අධික ටින් මාලු තොග මෙරටට ගෙන්වා ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ටින් මාලු ආනයනය කිරීම තාවකාලිකව නතර කරන ලෙසට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ධීවර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පනයි - අද සිට ක්‍රියාත්මකයි.. රජයෙන් විශේෂ තීරණයක් මෙන්න. | Import Of Canned Fish Is Suspendedri