අද විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කරන් නැද්ද? පාස්පෝට් කාර්යාලයෙන් යළිත් දැනුම්දීමක්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (11) දින පෙරවරුවේ ඇතිවූ හදිසි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා සඳහන් කළේ, බිඳ වැටීමකට ලක්වූ පරිගණනක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇති ගත් බවයි.
කෙසේ වෙතත් පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය හේතුවෙන් අද දින පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වුණි.