IMF තුන්වන වාරිකය ලංකාවට මුදාහැරී? - මුදල් ඇමති කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජූනි 12 දිනට යෙදී තිබෙන කාර්ය මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයේ විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාව සඳහා වන IV වන උපදේශනය සහ දෙවන සමාලෝචනය සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ඒ, අනුව මෙම සැසියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක්කරනු ඇති බවයි ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ.

එමෙන්ම ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නංවන තුන්වන වාරිකය මුදාහැරීම සඳහා සාර්ථක සමාලෝචනයකට සියලුම රටවල අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.