ශ්‍රී ලංකාවට IMF සහාය අඛණ්ඩව ලබාදීමට කැමැත්ත පල කරයි
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය පූර්ණ සහාය තවදුරටත් ලබාදෙන බව යළිත් අවධාරණය කර තිබේ.
අද (2026 මැයි 14) වොෂින්ටන් නුවර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, මෑත කාලීනව ශ්‍රී ලංකාව ප්‍රබල ආර්ථික කම්පන දෙකකට මුහුණ දුන් බවයි.
ඉන් පළමුවැන්න 'දිට්වා' (Ditwa) සුළි කුණාටුවෙන් සිදු වූ ස්වභාවික විනාශය වන අතර, දෙවැන්න ලෙස මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එල්ල වූ අඛණ්ඩ බලපෑම ඇය පෙන්වා දුන්නාය.
එවැනි දැවැන්ත අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජනතාව සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව කොසැක් මහත්මිය මෙහිදී අගය කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් පවතින බවත්, ශ්‍රී ලංකා බලධාරීන්ගේ ශක්තිමත් කැපවීම හේතුවෙන් ආර්ථික කාර්යසාධනය ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. ශ්
රී ලංකාවට ලබාදිය හැකි ඉදිරි සහාය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බව ද ඇය මෙහිදී සහතික විය.