ලංකාවටම සුබම සුබ ආරංචියක් මෙන්න - බලන්නකෝ ලබන මාසේ මොකක්ද ලැබෙන්නෙ කියලා..

Report

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ණය නොගෙන ඉදිරිපත් කළ පළමු අයවැය මෙවර අයවැය බවයි.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවේ දී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම සඳහන් කළේ  ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට සමත් ව ඇති බවයි.

ඉන් ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන වේ.

මේ 28න් පස්සෙ ආයෙත් ලංකාවට වෙන්න යන දේ ගැන දන්නව ද?. බලන්නකෝ මොකක්ද වෙන්නෙ කියලා..

මේ 28න් පස්සෙ ආයෙත් ලංකාවට වෙන්න යන දේ ගැන දන්නව ද?. බලන්නකෝ මොකක්ද වෙන්නෙ කියලා..


මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්ථීර්ණ ණය පහසුකම යටතේ මෙරටට ලැබීමට නියමිත දෙවන ණය වාරිකය ලබන දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනුවත් කිරීම සඳහා අද (24) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

කෙසේ වෙතත්, මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස් වී ගත් තීරණයක් අනුව නිත්‍ය තැන්පතු අනුපාතය සියයට 10 සිට 9 දක්වා පහත දමා තිබෙනවා.

තැන්පතු සහ ණය අනුපාත ගැන මහ බැංකුව එකවරම විශේෂ තීරණයක් ගනී - ඒ අනුව මින් ඉදිරියට වන්නේ මේ දෙයයි..

තැන්පතු සහ ණය අනුපාත ගැන මහ බැංකුව එකවරම විශේෂ තීරණයක් ගනී - ඒ අනුව මින් ඉදිරියට වන්නේ මේ දෙයයි..


එමෙන්ම, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 11 සිට සියයට 10 දක්වා අඩු කෙරිණ.