IMF නියෝජිත පිරිසක් ලබන මාසයේ ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
විස්තීරණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ මීළඟ සමාලෝචනය සිදු කිරීම සඳහා මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ 7 වැනි සමාලෝචනය සිදු කිරීමට නියමිත අතර, 8 වැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට මුදාහැරීම සම්බන්ධයෙන්ද සලකා බැලීමට නියමිතව තිබේ.
අදාළ සමාලෝචනය සාර්ථකව අවසන් වුවහොත්, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330කට ආසන්න මුදලක් ලබාගැනීමට හැකි වනු ඇතැයි වාර්තා වේ.