ප්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගැබේ ඡායාරූප නිකුත් වේ

Report

ප්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගැබේ ඡායාරූප නිකුත් වේ රෝමයේ ශාන්ත මරියා මැජෝර් දේවස්ථානයේ පිහිටි ප්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගැබේ ඡායාරූප නිකුත් කර ඇත. සොහොන් ගල මත තනි සුදු රෝස මලක් තබා ඇති තර, එහි ඔහුගේ පාලන සමයේ භාවිත වූ නම සහ තනි ආලෝක ධාරාවකින් ආලෝකමත් කළ කුරුසියක් දක්නට ලැබේ.

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

පසුගිය සෙනසුරාදා වතිකානයේ පැවති මහජන අවමංගල්‍ය උත්සවයෙන් පසු, අභාවප්‍රාප්ත පාප් වහන්සේගේ දේහය මෙම දේවස්ථානයේ පුද්ගලික උත්සවයකදී භූමදාන කරන ලදී. ඔහු කාදිනල්වරයෙකු හා පාප් වහන්සේ ලෙස සේවය කළ සමයේ නිතර ගිය ඉතාලියේ ප්‍රධාන බැසිලිකා හතරෙන් එකක් වන මෙම දේවස්ථානයේදී මෙම අවස්ථාව සිදු විය

. ඉරුදින උදෑසන දේවස්ථානය අසලට රැස්වූ බැතිමතුන්, සඳුදා 88වැනි වියේදී අභාවප්‍රාප්ත වූ ප්‍රැන්සිස් පාප් වහන්සේට ගෞරව දැක්වීමට පළමුවෙන් පැමිණි අය අතර වූහ. ප්‍රැන්සිස් පාප් වහන්සේ ශුද්ධ වූ මරිය තුමියට බෙහෙවින් භක්තිය දැක්වූ අතර, 4වන සියවසේදී ඇයට කැප කළ පළමු දේවස්ථානය ලෙස ශාන්ත මරියා මැජෝර් දේවස්ථානය හැඳින්වේ. මෙම බැසිලිකාව කොලෝසියම් අසල පිහිටා ඇති අතර, රෝමයේ ටර්මිනි දුම්රිය ස්ථානයට ආසන්නව, වතිකානයේ සාම්ප්‍රදායික සොහොන් භූමියෙන් බැහැරව ඇත. දකුණු ඇමරිකානු සම්භවයක් ඇති මෙම පාප් වහන්සේ මෙම දේවස්ථානයට බෙහෙවින් ඇලුම් කළේය. දේවස්ථානයේ ජ්‍යෙෂ්ඨ පූජකවරයා ඉතාලි පුවත්පතකට පවසා ඇත්තේ, 2022දී ප්‍රැන්සිස් පාප් වහන්සේ ශුද්ධ වූ මරිය තුමියගේ ආනුභාවයෙන් යුතුව තමන්ව එහි භූමදාන කිරීමට කැමැත්ත පළ කළ බවයි. ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට ලොව පුරා රාජ්‍ය නායකයින්, රජවරුන් සහ ලක්ෂ සංඛ්‍යාත කතෝලික බැතිමතුන් වතිකානයට ගලා ආවෝය.

ඔන්න පින පැහැදුන හැටි... මේ අයට විතරක් අද දළදා වඳින්න විශේෂ අවස්ථාවක්...

ඔන්න පින පැහැදුන හැටි... මේ අයට විතරක් අද දළදා වඳින්න විශේෂ අවස්ථාවක්...