ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සමුළුව අදින් ඇරඹේ
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වන වාර්ෂික සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අදින් ආරම්භ වේ.
ඊට සහභාගී වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම සමුළුව එළැඹෙන 12 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වෙන අතර රජය, සේවායෝජකයින් සහ කම්කරුවන් නියෝජනය කරන ත්‍රෛපාර්ශ්වික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වේ.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමග කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුළු නිලධාරීන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටිති.
"සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම" යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටවල් 187ක රජයන්, සේවායෝජකයින් සහ කම්කරුවන්ගේ නියෝජිතයින් රක්රැස් කරන මෙම සමුළුව ගෝලිය කම්කරු ප්‍රතිපත්ති සහ කම්කරු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා වූ ඉහළම ජාත්‍යන්තර වේදිකාව ලෙසත් මෙය සලකනු ලබයි.
තව දුරටත් මෙහිදී අවධානය යොමු කරන්නේ කම්කරු පාර්ලිමේන්තුව ලෙසද හඳුන්වන මෙම සමුළුවේදී ඩිජිටල් සහ වේදිකා ආර්ථිකය තුළ යහපත් රැකියා ප්‍රවර්ධනය, සේවා ස්ථානවල ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව, සමාජ සංවාදය ශක්තිමත් කිරීම සහ රජයන්, සේවායෝජකයින් හා කම්කරුවන් අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳවයි.
මෙම සමුළුවට සහභාගී වීම තුළින් ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, වැඩ ලෝකයේ මතුවන නව ප්‍රවණතා සහ අභියෝග සම්බන්ධ ගෝලීය සංවාද සඳහා දායක වීමටත් මෙරටට අවස්ථාව උදා වී තිබේ .
එමෙන්ම සාධාරණ සේවා කොන්දේසි, සමාජ සාධාරණත්වය සහ තිරසර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමටද මෙම සමුළුව වැදගත් අවස්ථාවක් වනු ඇත.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමග කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුළු නිලධාරීන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටිති.