හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ඉඩමක සඟවා තිබියදී සොයා ගත් දේ..ප්‍රකාශයක් ගැනීමට යන විට මන්ත්‍රීවරයා සම්බන්ධයෙනුත් තොරතුරක් නෑලු...

Report

 පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර භාවිත කළ බව කියන නීතිවිරෝධීව එකලස් කරන ලද ජීප් රථයක් කොටස් කර සඟවා තිබියදී නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය සිය භාරයට ගෙන තිබෙනවා.

නව ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපති අතර සුහද හමුවක්...

නව ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපති අතර සුහද හමුවක්...

හිටපු මන්ත්‍රීවරයාට අයත් පුත්තලමේ පිහිටි ඉඩමක සහ ඔහුගේ නිවසට ආසන්නයේ පිහිටි වෙනත් නිවසක සගවා තිබියදී මේවා සොයාගත් නමුත් එම කොටස් දැඩි ලෙස දිරාපත්වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ රථය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් භාවිත කරන ලද වාහනයක එංජින් හා චැසි අංක භාවිත කරමින් නිතිවිරෝධි ලෙස එකලස් කරන ලද ජීප් රථය ලියාපදිංචි කර තිබෙනවා.

ජනපති සහ IMF දූත පිරිසක් අතර සාකච්ඡාවක්..

ජනපති සහ IMF දූත පිරිසක් අතර සාකච්ඡාවක්..

දේශපාලඥයින් සන්තකයේ තිබූ නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථ කිහිපයක් පොලීසිය විසින් පසුගිය කාලයේ සිය භාරයට ගැනීමත් සමග හිටපු මන්ත්‍රිවරයා මෙම රථය කොටස් කර සඟවා තිබී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් උත්සහ කළද එය ව්‍යාර්ථ වී ඇත්තේ ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොමැති වීම හේතුවෙන්.

You may like this video