කටුනායකදී කාන්තාවකට වැඩ වරදී - පොලිස් විමර්ශන ඇරඹේ..

Report

කටුනායක ගුවන්තොටුපල පොලිසියට ලද තොරතුරක් මත සිදු කල විමර්ශනයක දී තීරුබදු නොගෙවා මෙරටට රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමග සැකකාරියක් අත්තඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ වැටලීමකදී මෙම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්ථා වී තිබෙන්නේ .

ඉක්මනින් නඩු අහලා මීළඟට හිරේට යන අය හේවගේ කියයි

ඉක්මනින් නඩු අහලා මීළඟට හිරේට යන අය හේවගේ කියයි

අදාළ සැකකාරිය සතුව රන්මාල 23ක්, රන් කැබැල්ලක්, අත් පළදනා තුනක්, කර මාලයක්, ලැප්ටොප් පරිගණක 06ක් හා ජංගම දුරකතන 11ක් තිබී ඇති බව ගුවන්තොටුපල පොලිසිය සදහන් කළා .

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 63ක් වන මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය සඳහන් කර සිටියේ .

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පවසා සිටියා .

බිත්තර මිල යළි ඉහළට

බිත්තර මිල යළි ඉහළට