නීතිඥවරියගේ තාත්තා කරපු කැත වැඩක් අතේ මාට්ටු
නීතිඥවරියකගේ නිවෙසේ පවත්වාගෙන ගිය වෙළඳ සලක තිබී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග ඇගේ පියා අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය වාර්තා කරයි.
සැකකරු සමග දුම්වැටි එකසිය හතළිහක් භාරයට ගත් බවත් කාලයක් තිස්සේ ඉතා රහසිගතව තීරු බදු රහිතව නීති විරෝධී අයුරින් ආනයනය කරන ලද මෙම දුම්වැටි තොගයක් හිරණ, බටේලන්ද ප්රදේශයේ ඇති වෙළඳසැලක අලෙවි කරන බවත් තොරතුරු ලැබී ඇත.
මෙම තොරතුරු ප්රදේශවාසීන් විසින් ලබා දුන් බවත් ඒ අනුව උපාය දූතයකු යොදවා දුම්වැටි මිලදී ගන්නා මුවාවෙන් මෙම වැටලීම සිදුකල බවත් වාර්තා වේ. මෙහිදී දුම්වැටි විස්සක් සහිත පෙට්ටි හතක් පොලිසිය භාරයට ගැනීමට හැකි වූ බවයි පොලිසිය වාර්තා කරයි එමෙන්ම සැකකරු පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති අතර ලබන (27) වැනිදා අධිකරණයට ඉදිරිපත් වන ලෙසට දැනුම් දී ඇත.