අපරාධයකින් මුදල් උපයන්න හැදුවොත් වැඩ වරදී ...
By Hashini
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කර තිබෙනවා.
එම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 08 දින පැවැත්වුණා.
එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලනු ලැබුවා.
අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව එය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු මස 01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කර ඇත්තේ මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වන බවයි.