හෙටින් පස්සේ මේ දේ කරොත් නඩු වැටෙයි.
හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් පසු 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති පැවැත්වීම සම්පුර්ණයෙන්ම නවත්තන බව පොලිසිය පවසනවා.
එසේ නොමැති වුවොත් ඒ පිළිබඳව පොලිසියට තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
එහිදී පොලීසිය සඳහන් කරන්නේ, ඉහත කාල සීමාව තුළ අ.පො.ස සාමාන්‍ය විභාගයේ උපකාරක පන්ති පවත්වන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වලට ඒ පිළිබඳව දන්වන ලෙසයි.
පොලිස් මූලස්ථානය - 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය - 119
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව - 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 011 278 4208 / 011 278 4537 2024
අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 07 වනදා දැනුම් දී තිබුනා.
ඒ අනුව මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාගය මාර්තු 17 වෙනිදා ආරම්භ වීමට නියමිතය.
