කළු ගඟේ ඉවුරට ගොඩගැසූ මළසිරුර හඳුනා ගැනේ

By Zara Mar 07, 2025 05:09 PM GMT
Report

කළු ගඟේ ඉලුක්මණ්ඩිය ඉවුරේ පාවෙමින් තිබු මළසිරුර 19 හැවිරිදි තරුණියකගේ බව සොයා ගැනේ.

පසුගිය 2 වනදා සිට මෙම තරුණිය අතුරුදන්වී සිටි බවට ඇයගේ සහෝදරයා විසින් ඉංගිරිය පොලීසියට පැමිණිලි කර තිබුණි.

මෙසේ අබිරහස් ලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියකි.

පසුගිය 02 වනදා ඇය සේවය කළ ඉංගිරිය සුපිරි වෙළෙඳසැලෙන් සේවය නිමකර පස්වරු 5:30 ට පිටවී ගොස් ඇති අතර ඉන් පසු ඇය අතුරුදන්වී තිබුණි.

ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇය සම්බන්ධතා පැවැත්වූ හල්වතුර ප්‍රදේශයේ විදුහලක 30 හැවිරිදි ගුරුවරයකුගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබුණි.

එහිදී ගුරුවරයා විසින් පවසා ඇත්තේ මියගිය තරුණිය 2 වනදා අවස්ථා 2කදී තමන්ට කතා කළ බවත් ඉන්පසු කිසිදු තොරතුරක් නොලැබුණු බවත්ය.

අතුරුදන්වූ තරුණියගේ සිරුර හමුවීමත් සමග සැකකාර ගුරුවරයා ද එදිනම හල්වතුර ප්‍රදේශයේ නිවසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලීසිය සහ ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

​යුද අභ්‍යාසයක් අතරතුර වැරදුනු ඉලක්කයකින් සිවිල් වැසියන් 15කට තුවාල

​යුද අභ්‍යාසයක් අතරතුර වැරදුනු ඉලක්කයකින් සිවිල් වැසියන් 15කට තුවාල

අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලන අරගලය

අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලන අරගලය