අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරීමේ අවදානමක.
By Hashini
අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයකින් පසු පැය 48ක් තුළ සිදුවූ පසු කම්පන 1,485ක් හේතුවෙන් මෙම අවදානම මතුව තිබෙනවා.
එරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලාවා ගැලීම් පිලිබඳ වාර්තා වී නොමැත.
අයිස්ලන්තයේ පිහිටි විශාලතම සංචාරක ආකර්ෂණයක් සහිත බ්ලූ ලැගූන් නම් ස්වාභාවික උණු දිය තටාකයද තාවකාලිකව වසා දමා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නනේ උතුරු අත්ලාන්තික් සාගරයේ ක්‍රියාකාරී ගිනි කඳු සහිත ප්‍රදේශයක පිහිටි අයිස්ලන්තයේ සෑම වසර 7කට හෝ 5කට වරක් පිපිරීමක් සිදුවන බවයි.
මෑත කාලයේදී භයානක ගිනි කඳු පිපිරීමක් සිදු වූයේ 2010 වසරේදීයි.