අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමකින් සම්පූර්ණ නගරයක්ම යටවෙයි.

By Wayomi Jan 15, 2024 10:33 AM GMT
Report

අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමකින් සම්පූර්ණ නගරයක් ලාවා වලින් යටවී තිබෙනවා.

එම නගරයේ බලධාරීන් පවසන්නේ,නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නගරයේ යටිතල පහසුකම් සියල්ල ද විනාශ වූ බවයි.

එලෙස ලාව වලින් විනාශ වූයේ,රෙජවික් අගනුව සිට කිලෝ මීටර් 70 ක් දුරින් පිහිටි ග්‍රිඩාවික් නමැති කුඩා ධීවර නගරයයි.

කෙසේ වෙතත් මෙමඟින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.

ඒ, නගරය අසල ගිනි කඳු විවරවලින් ලාවා මතුවීමට පටන් ගත්තේ පසුගිය නොවැම්බරයේ සිට ග්‍රිඩාවික් නගරයෙන් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගැනීම හේතුවෙන්. 



                                                    Sponsored By Sarrita Jewellery

අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමකින් සම්පූර්ණ නගරයක්ම යටවෙයි. | Iceland Faces Worst Volcanic Damage