ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණාත්මක රැස්වීම් දෙකක් අවලංගුයි , හේතුව මෙන්න

Report

මේ වනවිට මැදපෙරදිග කලාපයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් මෙම මස අගදී දෝහා හි පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණාත්මක රැස්වීම් දෙකක් අවලංගු කර ඇත.

මෙම රැස්වීම් අවලංගු කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන සහ කමිටු රැස්වීම් බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත.

 ඒ වගේම පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේන් පසු පැවැත්වීමට තිබූ මෙම සාකච්ඡාවලදී අනාගත ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට නියමිතව තිබූ බවට වාර්තා වී තිබේ.

ගෝලීය විකාශන අයිතිය, 2028 ඔලිම්පික් සුදුසුකම් ලැබීම හා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි සිව් අවුරුදු දින දර්ශනය සැකසීම ඒ අතරට අයත් වේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්තා වලට අනුව මෙම රැස්වීම යළි පවත්වන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් නිළ ප්‍රකාශයක් නිකුත් කර නොමැත නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින්ට ආරක්ෂිත ගුවන් ගමනක් තහවුරු වන තෙක් මෙම රැස්වීම නොපැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

මෙම රැස්වීම මාර්තු 25 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, කමිටු සාමාජිකයින් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ඇතුළු ප්‍රධාන නිළධාරීන් රැසක් සහභාගී වීමට නියමිතව තිබුණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් කටාර් හිදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු අවස්ථාව ද මෙය වන බවයි වාර්තා වේ.

කටකතා මැද පතිරණගේ පැහැදිළි කිරීමක්

කටකතා මැද පතිරණගේ පැහැදිළි කිරීමක්

මැදපෙරදිග කලාපයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් මාර්තු 13 සිට 25 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවනු ඇති බවට වාර්තා විය .

ඒ වගේම තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්විය නොහැකි බවට රටවල් දෙකේම මණ්ඩල දෙකම එකඟ වී ඇති බව සදහන්ය