ඇප මත සිටින ඩයනා ගමගේ අද විත්ති කූඩුවේ පෙනී සිටිමින් පැවසූ දේ..
Sri Lanka
Sri Lanka Magistrate Court
Diana Gamage
By Piyumika
ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේ යැයි කියන හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව පැවරූ නඩු හතෙහි චෝදනා කියවාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේදී අද සිදු කෙරිණි.
එහිදී ඇය විසින් ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බවට අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කලාය.
ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර 07ක් අධිකරණය හමුවේ කියවා දීමෙන් අනතුරුව ඇය මේ බව ප්‍රකාශ කළේය.
ඇප මත සිටින ඩයනා ගමගේ විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව චෝදනා කියවාදීම සිදුකරනු අතර නඩු විභාගය ඔක්තෝබර් 24 වැනි දිනට නියම කෙරිණි.
