ඇමරිකා තානාපති විකුණා ජාවාරම්

By Hashan May 22, 2025 12:20 PM GMT
Report

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පවත්වා ගෙන යන ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම්වල මෑතකාලීන වැඩිවීමක් නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අවධාරණය කරයි.

ඒ අනුව, තානාපති කාර්යාලය හෝ එහි නිලධාරීන් නියෝජනය කරන බව කියා සිටින ඕනෑම ගිණුමක සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසත්,  එවැනි වංචනික ගිණුම් සමග සම්බන්ධ වීමෙන් හෝ ඒවායෙහි ඇති තොරතුරු පිළිබඳ විශ්වාසය තැබීමෙන් වළකින ලෙසත්,  ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයීය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල පරිශීලකයන් සහ අනුගාමිකයන්ගෙන් එම තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.

දේශබන්දු තෙන්නකෝන් නැවතත් අධිකරණයට

දේශබන්දු තෙන්නකෝන් නැවතත් අධිකරණයට

ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු යාවත්කාලීන කිරීම් සඳහා ජූලි චන්ග් තානාපතිනියගේ නිල X ගිණුම පමණක් ඇති බවත් වෙනත් සමාජ ජාල ගිණුම් නොමැති බවත්,  මාධ්‍ය තුළ ඇය සම්බන්ධ ගිණුම් දුටුවහොත් ඒවන් ව්‍යාජ ගිණුම් බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.    එසේම, එක්සත් ජනපද තානාපති කාර්යාල කොන්සියුලර් නිලධාරීන්, චක්සත් ජනපද වීසා සේවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හෝ සෘජු පණිවිඩ හරහා පුද්ගලයන් සම්බන්ධ කර නොගන්නා බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.