ඉදිරි පැය කිහිපයේ වඩාත් ප්‍රචණ්ඩ විය හැකිය - කාලගුණ අංශ එකවරම කළ අනතුරු ඇඟවීම මෙන්න.

By krishani Jun 30, 2024 10:55 AM GMT
Report

අත්ලාන්තික් කලාපයට බලපා ඇති බෙරිල් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයේ දී වඩාත් චණ්ඩ විය හැකිය.

ඉදිරි පැය කිහිපයේ වඩාත් ප්‍රචණ්ඩ විය හැකිය - කාලගුණ අංශ එකවරම කළ අනතුරු ඇඟවීම මෙන්න. | Hurricane Beryl Has Hit The Atlantic Region

ඒ බවට කාලගුණ අංශ අනතුරු අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

එය පැයට කිලෝමීටර් 179 ක වේගයෙන් හමා යා හැකි වන අතර එය, එම කළාපයට මෙම වසරේ බලපා ඇති ප්‍රථම සුළි කුණාටුව වේ.

එමෙන්ම, කැරිබියන් දුපත් වන බාබඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඩා සහ මාටිනික් යන දූපත්වලට මෙමඟින් දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මේ වන විට බාබඩෝස් හි වෙළඳසැල්වල ආහාර, ජලය සහ වෙනත් සැපයුම් මිලදී ගැනීම සඳහා ජනතාවගෙන් පිරී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.