හියුමන් රයිට්ස් වොච් 2025 වාර්තාවෙන් ලංකාව ගැන කවුරුත් නොසිතූ හෙළිදරව්වක්..මෙහෙම උනේ ඒකද..?

Sri Lanka Economic Crisis Financial crisis Latest Headlines
By Sewvandhi Jan 18, 2025 10:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ බහුවිධ අර්බුදවලට හේතුවූ කරුණු රැසක් සම්බන්ධයෙන් තොරතුරු හියුමන් රයිට්ස් වොච් 2025 ලෝක වාර්තාව නිකුත් කරමින් අනාවරණය කර තිබේ.

පිටු 546කින් සමන්විත මෙම ලෝක වාර්තාව මගින් රටවල් 100කට වැඩි ගණනක මානව හිමිකම් සම්බන්ධයෙන් සමාලෝචනය කර ඇත.

අයිතිවාසිකම් උල්ලංගනය කිරීම්, සුළුතර ප්‍රජාවන්ට එරෙහි වෙනස්කම්, විරෝධතාකරුවන් නිහඬ කිරීමට උත්සාහ කරන නීති සහ එම ආයතනවල තිබෙන ක්‍රියාදාමය ශ්‍රී ලංකාවේ බහුවිධ අර්බුදවලට හේතුවූ බව අදාළ වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

ඇසට සතුටු කඳුළු ගෙනෙමින් රජයෙන් හඳුන්වා දුන් අලුත්ම සහන පැකේජය...

ඇසට සතුටු කඳුළු ගෙනෙමින් රජයෙන් හඳුන්වා දුන් අලුත්ම සහන පැකේජය...

කෙසේවෙතත් දිගුකාලීන මානව හිමිකම් ගැටලු විසඳීමට 2024 සැප්තැම්බර් 23 වනදා බලයට පත්වුණු නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දුවී ඇති බවත් හියුමන් රයිට් වොච් සංවිධානය අදාළ වාර්තාවෙන් අවධාරණය කර ඇත.

සාධාරණ ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමට මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා ලබාදී ඇති බවද පෙනවාදෙයි.

එහෙත් ශ්‍රී ලංකාවේ 1983 සිට 2009 වෙන තෙක් යුද්ධය අතරතුර සිදුවුණු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සඳහා වගවීමට සහාය දක්වා නොමැති බවද හියුමන් රයිට් වොච් පවසයි.

හියුමන් රයිට් වොච් ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂ මීණාක්ෂි ගංගුලි සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු ඉටු කරන්නේ නම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබාගැනීමට අවස්ථාවක් පවතින බවය.

විශ්‍රාම වැටුපට මොකක් වෙයිද..දෙපාර්තමේන්තුව ගැන හදිසියේම ගත් අලුත් තීරණය..

විශ්‍රාම වැටුපට මොකක් වෙයිද..දෙපාර්තමේන්තුව ගැන හදිසියේම ගත් අලුත් තීරණය..

පසුගිය පරිපාලනය විසින් මර්දනකාරී නීති, පොලීසිය සහ ආරක්ෂක අංශවල අත්තනෝමතික ක්‍රියාදාමයන් යොදාගනිමින් දෙමළ ජනතාව වැඩි වශයෙන් පදිංචිවී සිටින උතුරු සහ නැගෙනහිර සිවිල් සමාජ අවකාශය සීමාකර තිබෙන බවද අදාළ වාර්තාවේ දැක්වෙයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ කොටසක් වන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ සිවිල් සමාජ සංවිධාන ලියාපදිංචි කිරීමට රජයට අවශ්‍ය වුණත් ඒවා බලහත්කාරී සීමාකිරීම්වලට යටත් වූ බවත් හියුමන් රයිට් වොච් පවසයි. පසුගිය රජය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම භාවිත කළ බවත් සඳහන් කරයි.

හියුමන් රයිට් වොච් සිය ලෝක වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ 2023 ජනවාරි සිට 2024 අප්‍රේල් දක්වා කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් 46ක් සිදුවූ බවට පවසා තිබුණත් ඒ ආකාරයේ සිද්ධීන් 9ක් පමණක් සිදුවූ බවට රජය පිළිගෙන ඇති බවත් ය.

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම සඳහා 2023 දෙසැම්බර් මාසයේදී 'යුක්තිය' මෙහෙයුම දියත් කළ බවත් 2024 මැයි වනවිට බොහෝ අවස්ථාවලදී කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව ලක්ෂයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ බවත් හියුමන් රයිට් වොච් සඳහන් කරයි.

තත්ත්වය එසේ තිබියදී නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ බොහෝ මානව හිමිකම් ගැටලු විසඳීමට පටන් ගනු ඇති බවද හියුමන් රයිට් වොච් 2025 සිය ලෝක වාර්තාව නිකුත් කරමින් පෙන්වාදී තිබේ.(උපුටාගැනීමක්)

...………………………………………………………………

You may like this video 👇



ReeCha