පොලිස් කාන්තාවන් ගැන මානව හිමිකම් කොමිසම මැදිහත් වෙයි

By Sewvandhi Nov 14, 2022 02:49 PM GMT
Report

විරෝධතාවක් අතරතුර නිරත කාන්තාවන්ක් අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් පානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරියන් දෙදෙනකුට ගෙලෙන් අල්ලා ආවේගශිලි ලෙස හැසිරෙමින් ඔවුන්ට හිරි හැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත.

එම වාර්තාව අද (14) දිනය තුළ ලබා දෙන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවද එම කොමිසන් ආරංචි මාර්ග පවසයි.

මේ අතර සිද්ධියට සම්බන්ධ,පානදුර දකුණ මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත අදාළ නියෝගය ලබාදුන් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now