විශ්වවිද්‍යාලය අසලින් කළල කොටස් හමුවේ

Report

පේරාදෙණිය පොලීසිය විසින් විශ්වවිද්‍යාලයේ විජයවර්ධන කාන්තා නේවාසිකාගාරය අසළ තිබූ මිනිස් කළලයක බවට සැක කෙරෙන කොටස් කිහිපයක් වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

අද (07) දහවල් කාලයේදී විජයවර්ධන ශාලාවේ උප ශාලාධිපතිනිය හා ආරක්ෂක නිලධාරින් දෙදෙනකු පේරාදෙණිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

රජයෙන් තවත් මුදල් දීමනාවක් - මෙන්න විස්තරේ

රජයෙන් තවත් මුදල් දීමනාවක් - මෙන්න විස්තරේ

එමෙන්ම අදාළ නේවාසිකාගාරය තුළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යාවන්, විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන්, පශු වෛද්‍ය පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවන්ද ඇතුළුව 2000 ක පමණ පිරිසක් සිටියි.

කළලයකට සමාන කොටස් හමුවීමෙන් පසු උප ශාලාධිපතිනිය එම කොටස් වළ දැමීමට ක්‍රියා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් මත පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

තමුසේ මහා මෝඩයෙක් මිස් යුනිවස්ට හොදටම බැනලා අසුනෙන් නැගිටලා ගිහින්

තමුසේ මහා මෝඩයෙක් මිස් යුනිවස්ට හොදටම බැනලා අසුනෙන් නැගිටලා ගිහින්

පේරාදෙණිය පොලිස් ස්ථානයේ අපරාධ අංශය මඟින් මේ සම්න්ධයෙන් විමර්ශණ කටයුතු සිදු වේ.