බෑගයෙන් මතු වූ මිනිස් හිස්කබල්
By Zara
ඕවත්ත පාර, හිඟුල ප්‍රදේශයේ හිඟුල් ඔය ඉවුරේ තිබී හිස් කබල් දෙකක් සහ මිනිස් සිරුරු කිහිපයක බවට සැක කළ හැකි අස්ථි කොටස් තොගයක් අද (08) හමුවූ බව මාවනැල්ල පොලිසිය පැවසුවා.
කළු පැහැති උරයක දමා හිඟුල් ඔය ඉවුරේ ගල් පරයක තිබියදී ප්‍රදේශවාසින් ඒ පිළිබඳව පොලිසියට දැනුම්දුන් බව පොලිසිය සඳහන් කරනවා.
එම ප්‍රදේශයේ පුද්ගලයෙක් සිය ඔය දෙසට පොල් ඇහිලිමට ගිය අවස්ථාවාවේ මෙම අස්ථි කොටස් බහා තිබූ උරය හමුවි පොලීසිය වෙත දන්වා තිබේ.
කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන ඒකකයේ නිලධාරින් විසින් ස්ථානිය පරික්ෂණ පවත්වන ඇතර මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ලසන්ත කලුආරච්චි මහතාගේ නියෝග මත අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් විමර්ශන පවත්වනු ලබනවා.
හිස්කබල් දෙක සහ ශරිර කොටස් කෑගල්ල ශීක්ෂණ රෝහලේ වෙත රැගෙන යාමටද මාවනැල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.