ලබන බ්‍රහස්පතින්දා රනිල්ගේ මැතිවරණ ප්‍රතිපත්තිය...

Report

ලබන බ්‍රහස්පතින්දා (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බව වාර්තා වෙයි.

ඔහුගේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබෙන්නේ, "පුළුවන් ශ්‍රී ලංකා" යන තේමාව මුල්කර ගනිමින් ය. මෙහි මුලික අරමුණ වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට යහපත් රටක් ගොඩනැගීම ය.

පොළොන්තලාව ගොවිපළේ ඉඩමක් ජෙෆ්රි බාවා පදනමට...

පොළොන්තලාව ගොවිපළේ ඉඩමක් ජෙෆ්රි බාවා පදනමට...

තව ද, රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් ද මීට ඇතුළත් කර ඇති බව සඳහන් ය.

ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවරක් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවධානය යොමු කර තිබෙන බවද ඔහු කීය.