අපල දුරු කරගන්න ගිහින් කරගත්තු හරියක් .

By Madheeha_Naz May 18, 2023 06:12 AM GMT
Report

අපල දුර කර ගැනීම සඳහා සිය මිත්තණිය සමග වීරවිල ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයකට ගිය කුඩා දරුවකුගේ අත පිළිස්සී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය වාර්තා කර තිබෙනවා.

අපලය දුර වෙන්නැයි ප්‍රර්ථනාකර පූජා පවත්වා පසුව පූජාව පැවැත් වූ විහාරාධිපති හිමි කපුරු පෙත්තක් දරුවාගේ අල්ල මත තබා එය දැල්විම නිසා දරුවාගේ දකුණු අත තදබල ලෙස පිළිස්සී තිබෙනවා. 

පිළිස්සුණු තුවාල සහිතව දරුවා වීරවිල රෝහලටත් පසුව හම්බන්තොට රෝහලටත් ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා .

අනතුරුව පොලීසිය විසින් විහාරාධිපතිව අත්අඩංගුවට ගත් බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW