සෞදි අරාබියේ යානයක් බිමට හෙලයි - පිටපිට හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයෙන් සෞදිය හෙල්ලෙයි
යේමනයේ හූති කැරලිකරුවන් විසින් සවුදි අරාබියට අයත් F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළන ආකාරය සහ එහි සුන්බුන් ගිනි ගන්නා අයුරු දැක්වෙන මිනිත්තු හතරක වීඩියෝ පටයක් නිකුත් කර ඇත.
විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ යේමනයේ මාරිබ් (Marib) පළාතේ ගුවන් සීමාවේදී මෙම ජෙට් යානය හූතිවරුන් විසින් ප්‍රහාරයකට ලක්කර ඇති බවයි. ප්‍රහාරය සඳහා දේශීයව නිෂ්පාදිත මිසයිලයක් භාවිතා කළ බවත්, සවුදි ප්‍රහාරක යානය සිය "සතුරු මෙහෙයුම්" වල නිරතව සිටියදී මෙසේ බිම හෙලූ බවත් හූති හමුදා ප්‍රකාශක යහියා සාරී සඳහන් කර ඇත.
හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට
නිකුත් කරන ලද වීඩියෝ පටයේ මුල් කොටසේ ජෙට් යානය ඉලක්ක කරන ආකාරයත්, ඉන් අනතුරුව රාත්‍රී කාලයේ කඩා වැටුණු ස්ථානයේ දැවැන්ත ගිනි ජාලාවක් සහ දුමාරයක් නැගෙන ආකාරයත් එම වීඩියෝවෙහි දැක්වෙයි.
සෞදි අරාබිය විසින් යේමනයට එරෙහිව ගුවන් ප්‍රහාර 450කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බවට ද හූති ප්‍රකාශකයා මෙහිදී චෝදනා කර සිටියේය. කෙසේ වෙතත්, මෙම ජෙට් යානය බිම හෙළීමේ පුවත සහ වීඩියෝ දර්ශනවල සත්‍යතාව සම්බන්ධයෙන් සෞදි අරාබි බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.
