නිවාස සිහිනය සිහිනයක්ම නොවී ලක්ෂ 50ක් වටිනා සුපිරි නිවසක් ඔයාටත්.. - ලැබෙන්නේ මෙහෙමයි..

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව උතුරු පළාත් නිවාස නැති දිළිදු පවුල් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා සෝලා (sola) විදුලිය සහිත නිවාස ඉදිකිරීම පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

නිවාස සිහිනය සිහිනයක්ම නොවී ලක්ෂ 50ක් වටිනා සුපිරි නිවසක් ඔයාටත්.. - ලැබෙන්නේ මෙහෙමයි.. | Housing For The Homeless In The Northern Province

ඒ යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සම සභාපති හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මෙහිදී සමුපකාර සංගම් මඟින් උතුරු පළාතේ ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට බෙදාහැරීමට සීනි නොමැති බවද පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ වෙළද හා වාණිජ කටයුතු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් අතිරේක ලෙස සීනි මෙට්ට්‍රික් ටොන් 100ක් උතුරු පළාතට යැවීමට තීරණය කර ඇත.

නිවාස සිහිනය සිහිනයක්ම නොවී ලක්ෂ 50ක් වටිනා සුපිරි නිවසක් ඔයාටත්.. - ලැබෙන්නේ මෙහෙමයි.. | Housing For The Homeless In The Northern Province

මෙම සීනි තොගය උතුරු පළාතේ සමුපකාර සංගම් 48ක් පුරා බෙදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදි දිස්ත්‍රික් ලේකම් අම්බලවානර් සිවබාල සුන්දරම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් ප්‍රදීපන්, යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි වී ඇත.