අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස - අලුත්ම තීරණය..
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, අඩු ආදායම්ලාභී ජනතාව ඇතුළු ජනතාව සඳහා කොළඹ ආශ්‍රිත ව 2024 වසරේ දී නිවාස 10,000ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඉන් නිවාස 6,500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීමට යොදාගන්නා බවයි.
මේ සඳහා නිවාස ව්‍යාපෘති 11ක් සැලසුම් කර ඇති අතර, ඉන් ව්‍යාපෘති 06ක් චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිවාස ඒකක 14,611 ක් ඉදිකර ඇති අතර, පවුල් 11,269 නැවත පදිංචි කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පෙන්වා දී ඇත.