රත්මලානේ ප්‍රසිද්ධ "බුරියා" අත්අඩංගුවට ..

Sri Lanka Police Sri Lanka Latest Headlines
By Piyumika Jul 01, 2024 03:19 AM GMT
Piyumika

Piyumika

Report

නිවාස බිඳින්නකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට ගල්කිස්ස පොලිසිය වාර්තා කර තිබේ .

"රත්මලානේ බුරියා" නැමැති මොහු ලක්ෂ 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගෙන ඇති බවයි පැවසෙනුයේ.

ඉතුරු සල්ලි ඉල්ලුවායි කියා රියදුරු මගියාට පහර දීලා..

ඉතුරු සල්ලි ඉල්ලුවායි කියා රියදුරු මගියාට පහර දීලා..

එම භාණඩ අතර පවුම් 11 1/2 ක් බර රන් තැල්ලක්, මාලයක්, වළලු දෙකක් හා මුදුවක් වන අතර ගල්කිස්ස පොලීසිය පැවසුවේ මේ සොරකම මීට දින පහකට පමණ පෙර සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මීට ඉහත කළ සොරකම් ගණනාවක් සම්බන්ධයෙන්ද සැකකරු තොරතුරු හෙළිකර ඇත.

කාන්තාවන්ගේ ශ්‍රද්ධාව වඩවා නිවසේ බඩු හොරකම් කරන හොරු මුලක්..මේ පිළිබඳ වහා දැනුවත් වන්න..

කාන්තාවන්ගේ ශ්‍රද්ධාව වඩවා නිවසේ බඩු හොරකම් කරන හොරු මුලක්..මේ පිළිබඳ වහා දැනුවත් වන්න..

ප‍්‍රශ්න කිරීමෙන් හමුවේ මොහු විසින් සොරා ගත් රන් මුදුවක් රත්මලානේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට රුපියල් 90,000 උකස්කර තිබියදී සොයාගැනීමට හැකි විය.

සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.