දිස්ත්‍රික්ක 6කට සහ නැගෙනහිරට ඇම්බර් මට්ටමේ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක්

Report

නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක හෙට  දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇම්බර් මට්ටමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම අවවාදාත්මක නිවේදනය නැගෙනහිර පළාතට මෙන්ම පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වේ.

එම ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම (තාප දර්ශකය) “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවට උපදෙස් දෙයි.

ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ පැයට කිලෝමීටර් 50ක තද සුළං - කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ පැයට කිලෝමීටර් 50ක තද සුළං - කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

Gallery