අද දවස ඔබට කොහොමද?
මේෂ
කාර්‍යබහුල වේ.එදිනෙදා කටයුතු සැහල්ලුවෙන් කරයි.වෙනදාට වඩා පවුලේ වගකීම් තමා පිට පැටවේ. නව පදිංචියක් වෙනුවෙන් අවස්ථාව උදා වේ.අන්‍යන් අතර සුහද බවක් ඇති වේ.ඥාති හෝ හිතවතුන්ගේ උපකාර හිමිවේ.මෙතෙක් කරගෙන පැමිණි වැඩපිළිවෙළ වෙනස් වන බවක් පෙනේ.හදිසි ගණුදෙනුවකට කටයුතු උදාවේ.පුණ්‍ය කටයුත්තක් යෙදේ.රැකියාවේ අතපසුවීම් සිදුවිය හැකිය.රැකියාවේ ලැබීම් ගෙනන සතියකි.රැකියාව තුළ ස්ථාවරත්වයක් ගොඩනැඟෙයි.නව රැකියා අපේක්ෂකයින්ට ශුභයි. විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඒ කටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහෙසෙන සතියකි. අමතර ලැබීම් සහිත රැකියා මාර්ග වල යෙදීමේ ඉඩකඩ ඇත. අධ්‍යාපන ජයග්‍රහණයකට හිමි කම් ඇත.ස්වඋත්සාහයෙන් අධ්‍යාපන කටයුතු කරයි. නව දැනුම සොයා වෙහෙසෙයි. කොන්ද තුනිටිය ආශ්‍රිත ආබාධ ඇති විය හැක හදිසි වැටීම්, තැලීම් වලට ඉඩ ඇති නිසා ප්‍රවේශමෙන්.
වෘෂභ
අවිවේකී දිනයකි.හදිසි උත්සව අවස්ථාවක් යෙදිය හැක.විශේෂිත කෙනෙක්ගේ හමුවීමක් සිදුකරයි.පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. අවිවාහකයන්ට ශුභයි.බිඳී ගිය පෙම් සම්බඳතා යළි ඇති වීමට ඉඩ ඇත.හදිසි ගණුදෙනුවක් සිදුවිය හැක.රැකියාවේ බලාපොරොත්තු වූ උසස් වීමක් හෝ ස්තාන මාරුවක් ගැන සතුටු විය හැකි කාලයකි. රැකියාවේ වගකීම් බහුල වේ.රැකියා කටයුතු සඳහා රැකියා ස්ථානයෙන් පිට යෑමට සිදුවේ. වෙනදාට වඩා පොත් පත් කියවීමට රුචිකත්වයක් ඇති කරයි. උනන්දුවෙන් අධ්‍යාපනයේ යෙදෙයි. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුත්තකට සම්බන්ධ වීමට ඉඩ ලැබෙයි. සෙම් අමාරු, උගුරේ ආබාධ ඇති විය හැක.රුධිරගත සීනී මට්ටම කෙරේ සැළකිළිමත් වන්න.
මිථුන
නොසංසුන්කාරී බව මඟ හැරී යයි.වෙනදාට වඩා යන එන ගමන් ගැන සැළකිළිමත් වන්න.සතුරු පීඩා ඇති විය හැක.නොගැළපෙන ඇසුරකට කටයුතු සැළසීමට ඉඩ ඇත. පවුලේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අමනාප වූ අයෙක් නැවත මිත්‍ර වේ. හදිසි ගණුදෙනුවක් සිදුවිය හැක. ස්වයං රැකියා කරන්නන් හට ශුභයි.උත්සහයෙන් උනන්දුවෙන් රැකියාව කරයි.රැකියාවේ ඉදිරි වැඩ පිළිවෙළේ වෙනසක් ඇති වේ.රැකියාවේ කාර්‍යබහුල බව වැඩිවේ. වෙළඳ වියාපාරයේ ප්‍රවර්ධනය උදෙසා කටයුතු කරයි. අතපසු වූ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් කාලය වැය කරයි. අලුත් දේ සහ දහම් අධ්‍යාපන කටයුතු වලට වැඩි නැඹුරුවක් දක්වයි. පෙනහළු ආශ්‍රිත ආබාධ ඇති විය හැක. සෙම් ගතිය වැඩි වේ. ජලයෙන් හදිසි අනතුරු සිදුවිය හැකි බැවින් ඒ ගැන කල්පනාකාරී වන්න.
කටක
උසස් අයගේ ඇසුර ලැබේ.විදෙස් හිතවතෙකුගෙන් උපකාර හිමි වේ.පරම්පරා උරුමයක් හිමිවිය හැකි කාලයකි.වෙනදාට වඩා යන එන ගමන් බිමන් ගැන සැළකිළිමත් වන්න.සතුරු කරදර පීඩා ගෙනෙයි.ඇසුරු කරන්නන් සහ සැක සහිත පුද්ගලයන් ගැන වැඩි අවධානයක් ලබා දෙන්න.උත්ස්ව අවස්ථාවට සම්බන්ධ වීමට අවස්ථාවක් පෙනේ. පුණ්‍ය කටයුතු වල නිරත වේ. ගුප්ත කටයුතු වලට නැඹුරක් ඇති කරයි. රාජකාරී අතපසුවීම් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.නව වියාපාර ආරම්භයක් ගැන සිතෙන කාලයකි. ස්වයං රැකියා කරන්නන් හට ශුභයි.උනන්දුවෙන් රැකියාව කරයි. ආරක්ෂක අංශය වෙනුවෙන් රැකියා බලාපොරොත්තුව සිටියේ නම් ශුභ ආරංචියක් ලැබේ.උනන්දුවෙන් උත්සහයෙන් ඉගෙනීම් වල නිරත වේ.පොත්පත් කියවීමට වැඩි කාලයක් යොදවයි.විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදාකර ගනී.තරඟකාරී අවස්ථා වලට සම්බන්ධ වීමට අවස්ථා සැළසේ.උසස් අධ්‍යාපනය වෙනුවෙන් දුර බැහැරට යාමට සිදුවිය හැක.සෙම්ගතිය හේතුවෙන් පපුවේ මහන්සිය ඇති විය හැක. චර්මගත රෝගයකින් පීඩා විඳියි.
සිංහ
වෙනදාට වඩා මුදල් ගැවසෙන සතියකි.දේපළ හෝ නිවාස ප්‍රශ්ණයකට විසඳුම් ලැබේ.වයසින් අඩු අය සමඟ ඇසුර ලැබෙයි.පැරණි හිතවත්කමක් අලුත් කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වේ.පවුලට නව සාමාජිකයෙක් එක්වන බවක් පෙනේ.යුගදිවියේ පැවති ගැටළු තත්ව මඟ හැරී යයි.ඔබේ මවු පාර්ෂවයේ අයෙක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.විදෙස් ගත වීමක් බලාපොරොත්තුව සිටියේ නම් එයට කටයුතු සැළසීමේ ඉඩ ඇත.ගත සිත වෙහෙසා රැකියාවේ නිරත වීමට සිදුවේ.රැකියාවේ සැළසුම් කිහිපයක් සාර්ථක වේ.සුළු වියාපාර හෝ අතිරේක රැකියා වලට යොමු වේ.අධ්‍යාපනය වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. විදෙස් අධ්‍යාපනය හදාරණ අයට තරමක් යහපත් වේ. උසස් අධ්‍යාපනය හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. අලුත් දේ ඉගෙනීමට ලැබෙයි. සෙම් රෝග උත්සන්න වේ. මුත්‍රාශ්‍රිත රෝග ඇති වීමේ ඉඩක් ඇත. ශරීරයේ වෙහෙසකර තෙහෙට්ටු ගති ඇති කරයි. පාදයේ ආබාධ අති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
කන්‍යා
ඉවසීමෙන්, බුද්ධියෙන් කටයුතු කළ යුතුවේ.අතරමග නවතා දැමු දෙයක් නැවත ආරම්භ කරයි. ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක වේ.පැරණි හිතවතෙකුගේ හමුවීමක් සිදුකරයි.වෙනදාට වඩා යන එන ගමන් ගැන සැළකිළිමත් වන්න.දුර ගමනකට සම්බන්ධ වීමට අවස්ථාව උදාවේ.නිවසින් බැහැරව කටයුතු කිහිපයක් යෙදේ. නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයට ශුභයි.උගත් කමට සරිලන රැකියා හිමි වේ.රැකියාවේ උසස් වීම්, ස්ථාන මාරූ බලාපොරොත්තු වූයේ නම් ඒවා සඵල වීමේ ඉඩ පවතියි.රැකියාවේ වගකීම් වැඩි වේ.වෙළඳ වියාපාර වලින් වාසි සැලසේ.විභාග ජයග්‍රහණ ඇති කරයි. විදෙස් අධ්‍යාපනයට සැළසුම් ඇති කරගනියි. විශේෂ පාඨමාලවක් හැදෑරීමට අවස්ථාව සැළසේ.ශරීර වෙහෙස මහන්සිය ඇති කරයි.උදරාගත ආබාධ ඇති විය හැක.
තුලා
ධන ලාභ ඇත. ඔබගේ පිළිවෙළ ගතිය මඟ හැරෙන බවක් පෙනේ.ගණුදෙනු වලදී වෙනදාට වඩා සැළකිළිමත් වන්න.සිත රිදවීම් හෝ පසුතැවීම් ඇති විය හැකි නිසා ශක්තිමත් වන්න.නිතර යෙදෙන ගමන් ගැන කල්පනාකාරී වන්න.අතර මග නවාතා තිබූ කටයුතු කිහිපයක් නැවත ආරම්භයට කටයුතු කරයි.ඇතිව පැවති ගේ දොර ඉඩකඩම් ප්‍රශ්ණයක් නිරාකරණය වන ලකුණු පෙනේ.මවගේ සෞඛ්‍ය ගැන සැළකිළිමත් වන්න.දුර බැහැර ගමනක් යෙදේ.ගුප්ත කටයුතු කෙරේ ඇල්මක් ඇති කරයි.පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වීමට ඉඩ ලබෙයි.රැකියාවේ වගකීම් බහුල වේ.වියාපාර වල දියුණුව ඇතිවේ.ස්වයං රැකියාවන් වලට යොමුවන කාලයකි.රැකියාවට අමතර ආදයම් මාර්ග වල නිරත වේ.නව රැකියා අපේක්ෂා වෙන් සිටියේ නම් ඒවා ප්‍රමාද වේ.විදෙස් ගමන් බලාපොරොත්තු වූයේ වීනන් ඒ සඳහා කටයුතු සූදානම් වේ.උසස් අධ්‍යාපනයේ පැවති ගැටළු මඟ හැරේ.අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි.කණ්ඩායම් ක්‍රියා වල යෙදෙයි. ලිංගාශ්‍රිත රෝග ඇති වීමේ ඉඩක් පවති. අතපයේ හිරි ගතියක් ඇතිවේ.වෙහෙසකාරී දිනයක් බැවින් තෙහෙට්ටූ බව ඇති වේ.රුධිරගත සීනී මට්ටම ගැන සැළකිලිමත් වන්න.
වෘශ්චික
පැවති බාධාකාරී තත්ව මඟ හැරේ.සිතට සැනසිල්ලක් ගෙනෙයි.තමාගේ අලංකාරය ගැන සිතයි.ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වේ.පොදු කටයුතු වල යෙදේ.මංගල යෝග උදා වේ. පවුලේ අය සමඟ පැවති මතභේදයක් මඟහැරී යයි.ප්‍රේම සම්බන්ධතාවට වැඩිහිටි ආශිර්වාද හිමි වේ.අලුත් නෑදෑ හිතවත්කම් ඇති වන කරුණු උදා කරයි. බලාපොරොත්තුව සිටි රැකියාවේ උසස් වීම් හෝ ස්ථානමාරූ සබන්ධව ශුභ දෙයක් සිදුවන කාලයකි. රජයේ රැකියා අපේක්ෂාවෙන් සිටියේ නම් ශුභ ආරංචි ලැබෙයි. වියාපාර ලාභ ගෙනේ. අතිරේක මුදලක් අතට ලැබෙයි. විදේශීයව ආදායම් ලැබෙන්නන් හට ආදායම් ලැබෙන කාලයකි. හවුල් වියාපාර වලට ශුභයි. සෞන්දර්‍යට ලැදි වේ.විදෙස් අධ්‍යාපනයට සැලසුම් කරයි.අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ට ශුභයි.පපුව ආශ්‍රිත ආබාධ මතු විය හැක.සෙම් රෝග ඇති වේ හිසේ කැක්කුම වරින් වර මතු වේ.ශරීරය අභ්‍යන්තරයේ ඇතිවන ආබාධයකය ප්‍රථිකාර ගැනීමට සිදුවේ.
ධනු
මානසික පීඩා, කළකිරීම්, සිත්පීඩා ඇති විය හැක. ඉවසීමෙන් කටයුතු කරන්න.නව හිතවත්කම් ඇති වේ.දේපළ සම්බන්ධ පැවති ගැටළු නිරාකරණය වන බවක් පෙනේ. දරුවෙකුගේ උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමට අවස්ථාවක් සැළසේ.පුණ්‍ය කටයුතු වල යෙදේ.තමන් නොකළ වරදකට චෝදනා ලැබිය හැක. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. රැකියා කටයුත්තක් උදෙසා දුර ගමනක් යෙදේ. නව රැකියා අපේක්ෂකයින්ට ශුභයි. සාහිත්‍ය හා කලා අංශයට වැඩි නැඹුරුවක් දක්වයි. දැනුම බුද්ධිය වර්ධනය උදෙසා කටයුතු කරයි. උසස් අධ්‍යාපනය වෙනුවෙන් නිවසෙන් දුර බහැරව යාමට සිදුවේ. හදිසි අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ශරීරය ඌෂ්ණාධික වේ. සෙම් රෝග වැඩිවේ. පරම්පරා රෝගයක් ඉස්මතු විය හැක.
මකර
සිතේ සතුටෙන් සැනසිල්ලෙන් කටයුතු කරයි. සති මැද වන විට මානසික පීඩා ඇති වන සිදුවීම් සිදුවිය හැක. අන් අය අතර කැපී පෙනෙන කාලයකි. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබේ.ගේ දොර අළුත් වැඩියා වෙනුවෙන් වෙහෙසෙයි. විදෙස් ඥාතියකුගේ හෝ හිතවතෙකුගේ උදව් උපකාර ලැබෙයි. නව මිත්‍රයන් මුණ ගැසේ. ඇවිදිලි වැඩි වේ. දුර ගමන් බිමන් යෑමේදී ප්‍රවේශම් වන්න. වෙළඳ වියාපාර වල දියුණුවක් දැකිය හැක. රැකියාවේ වියාකූල තත්වයන් ඇති විය හැකිය.නව රැකියා අපේක්ෂකයින්ට ශුභයි. අධ්‍යාපනයට පැවති බාධා මග හැරී යයි. අතපසු වු පාඩම් ගැන අවධානය යොදයි.නව පාඨමාලවක් වෙනුවෙන් කාලය වෙන් කරයි.උසස් අධ්‍යාපන කටයුතු වලට යොමු වේ. ගුප්ත ශාස්ත්‍රය කෙරේ නැඹුරක් ඇති වේ. හදිසි අනතුරු ඇති වීමේ ඉඩක් පවතියි.ශරීරයේ කැක්කුම් වේදනා ඇති විය හැක. සෙම් රෝග ඇති වේ.දැනට පවතින රෝග තත්ව උත්සන්න විය හැකි බැවින් නියමිත අයුරෙන් වෛද්‍ය උපදෙස් පිළිපදින්න.
කුම්භ
කාර්‍යබහුල වේ.ඉවසීමෙන් කටයුතු කලයුතුයි.ලැබීම් සහිත සතියකි.බලාපොරොත්තු නොවූ වාසි ඇති කරයි. මානසික පීඩා තරමක් යටපත් වේ. හදිසි ගමනක් ඇති කරයි. සති අග දුර ගමන් බිමන් යෑමේ දී සහ ප්‍රිය සම්භාෂණ ආදියට එක් වීමේ දී වැඩි සැළකිල්ලක් දක්වන්න. ගැටළු ඇති විය හැක.විශේෂ අයෙකුගේ මුණ ගැසීමක් සිදුවිය හැක.ඥාතියෙකුගෙන් උපකාර ලැබේ.පැවති සතුරු කරදර මඟ හැරී යයි.ඔබ අතින් අතපසුවීම් සිදුවිය හැකි බැවින් වඩාත් සැළකිළිමත් වන්න.ආරක්ෂක අංශයේ රැකියා බලාපොරොත්තු වූයේ නම් රැකියා ලැබීමේ ඉඩ ඇත රැකියාවේ පැවති ගැටළු සමනය වේ. රැකියා ස්ථානයේ පිරිස අතර සුහදව කටයුතු කරයි. රැකියා ස්ථානයේ කැපී පෙනීමට අවස්ථාව ඇතිවේ. රැකියාවේ තීරණ ගැනීමේ දී දුරදිග බලා කටයුතු කරන්න.ස්වයං රැකියා නියුතු අයට ශුභයි. විදෙස් රැකියාවකට සැලසුම් කරනු ලබයි. කෙටි කාලීන හැදෑරීම් වලට ශුභයි. සෞන්දර්‍ය කටයුතු වලට වැඩි ඇල්මක් ඇති වේ. උසස් අධ්‍යාපනයට ශුභයි.අධ්‍යාපනයට පැවති ගැටළු බාධක කිහිපයක් නිරවුල් කර ගත හැක ඌෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න. පපුව ආශ්‍රිත හෝ පෙනහළු ආබාධ ඇති විය හැක. සෙම් කෝප විම උගුරේ වේදනා ඇති වේ.
මීන
ධෛර්යයෙන් කටයුතු කරයි.සමාජයේ කැපී පෙනෙයි.ගෞරව හිමි වේ.හදිසි ගණුදෙනුවක් ඇති විය හැක.මුදල් ගණුදෙනු වලදී වැඩි සැළකිල්ලක් දක්වන්න.නව මිත්‍ර සම්බන්ඳතා ගොඩනැඟේ. දරුවන් ගේ කටයුතු වලින් තරමක් දුරස්වීමක් සිදුවේ. බලාපොරොත්තු වු සැළසුමක් ප්‍රමාද වේ. පුණ්‍ය කටයුතු වල යෙදෙයි. ස්වයං රැකියා කරන්නන් හට ශුභයි. රැකියාව තුළ හෝ වියාපාරය ප්‍රසිද්ධ වන කටයුතු සිදුවේ. රැකියාවේ වගකීම් බහුල වේ. අතිරේක ආදායම් ලැබේ.බලාපොරොත්තු වූ රැකියා උසස්වීම්, ස්ථීර විම් ප්‍රමාද වේ.උසස් අධ්‍යාපනය වෙනුවෙන් බලා සිටින්නන් හට සුභ කාලයකි.අලුත් දේ ඉගැනුමට කටයුතු කරයිඇස් වල ආබාධ ඇති විය හැක.ඌෂ්ණාධික ආහාර ගැනීමේ දී සැලකිළිමත් වන්න.සෙම් ගෙඩි හෝ උගුර ආශ්‍රිත ආබාධ ඇති විය හැක. දත් අමාරුව ඇති විය හැක.
