හෝමාගමදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු මාට්ටු
හෝමාගම ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ ඊයේ (20) සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44වන පුද්ගලයෙකු බව සඳහන් වේ.
අදාළ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.