අවුරුදු 60කට පසුව හොලිවුඩයේ දැවැන්ත වැඩවර්ජනයක්.
By krishani
වසර 60කට පසුව හොලිවුඩයේ රංගන ශිල්පීන් දැවැන්ත වැඩ වර්ජනයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ, චිත්‍රපට නිෂ්පාදනයේ දී ලැබෙන ලාභයෙන් වැඩි කොටසක් ඒවා බෙදාහරින නව තාක්ෂනික නිමැවුම්කරුවන් වෙත ලැබෙන බවත් එම ලාභය සමානව බෙදී යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ය.
එමෙන්ම හොලිවුඩ් රංගන ශිල්පීන්ගේ සංගමය සඳහන් කරන්නේ, හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමට විරෝධය පළ කරන බවයි.
එම විරෝධතාවය සඳහා එක්ලක්ෂ 60,000කට අධික පිරිසක් එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.
එයට නළු නිළියන්, හඬ කැවීමේ ශිල්පීන්, කැමරා ශිල්පීන් සහ පිටපත් රචකයන් ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක් අයත් වේ.