ලංකාවේ පැරණිතම ප්‍රධාන බැංකුවක ඉහළ පෙළේ වෙනසක්..
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත් කර ඇතයි වාර්තා වනවා.
මහ බැංකුවේ අනුමැතිය පරිදි, පසුගිය 22 වැනිදා සිට දමිත් පල්ලෙවත්ත මහතා, සිය නව තනතුරේ රාජකාරි ආරම්භ කළ බවයි HNB බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
HNB යනු මෙරට වාණිජ බැංකු ක්ෂේත්‍රයේ පැරැණිතම බැංකුවක්.
දමිත් පල්ලෙවත්ත මහතා, පසුගිය අප්‍රේල් මාසයේ සිට HNB බැංකුවේ, වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරමින් සිටියා.
දමිත් පල්ලෙවත්ත මහතා, වසර 27 කට වැඩි පලපුරුද්දක් ඇති, සුදුසුකම් ලත් බැංකු සහ අවදානම් කළමනාකරණ වෘත්තිකයෙක් වන අතර, ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකරුවකු ලෙස ද ඔහුගේ පලපුරුද්ද වසර 14 ක් වනවා.
පල්ලෙවත්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධියක්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක්, මෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ, London School of Economics වෙතින් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද හිමි කරගෙන තිබේ.
ඔහු Lanka Ventures PLC සහ LVL Energy Fund PLC හි සභාපති/අධ්‍යක්ෂ ලෙස ද සේවය කර තිබෙනවා.