SPA එකෙන් එළියට ආ HIV භීතිය - මෙරට ආසාදිතයින් සංඛ්‍යාවත් ඉහළට. - (VIDEO)

Sri Lanka Police Ministry of Health Sri Lanka HIV Symptoms
By Wayomi Mar 29, 2024 05:01 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසනවා.

ඒ, අනුව ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි ඇය සඳහන් කරන්නේ.  

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ඨාසයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක් වටලා ඒවා වසා දමා තිබෙනවා.

ඒ, එම සම්භාහන මධ්‍යස්ථානවල සේවිකාවන් අතුරින් දෙදෙනෙකුට HIV ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

එමෙන්ම එම සම්බාහන මධ්‍යස්ථාන නිසි අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවත් අනාවරණය වී ඇත.

පසුගිය සතියක පමණ කාලයක සිට මීගමුව පොලිස් කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන 53ක් මීගමුව පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා.

ඒ මීගමුව කොට්ඨාසය භාර නිලධාරී පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්.

එම මෙහෙයුම දියත් කර ඇත්තේ, මතට ඇබ්බැහි වූ පුද්ගලයන් වෛද්‍ය සායන සඳහා යොමුකෙරෙන "සවිය වැඩසටහන" අතරතුර එක් මත්ලෝලියෙකු HIV ආසාදිතයෙකු බවට තහවුරුවීමත්, ඔහු මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙන අයෙකු බවට හෙළිවීමත් සමඟයි.

අදාල ආසාදිතයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පුද්ගලයෙක් වන අතර අනතුරුව මීගමුවේ සම්බාහන මධ්‍යස්ථාන හදිසි පරික්ෂාවට ලක්කිරීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.

එම වැටලීම අතරතුර එම මධ්‍යස්ථානවල සම්බාහන සේවාවල නියුතු තරුණියන් 120 දෙනෙකු පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබූ අතර එම පිරිස අතරින් දෙදෙනෙකු HIV අසාදිතයන් බවට අනාවරණ වූ බවයි.

ඒ අතර වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක්ද සිටි බවයි මීගමුව පොලීසිය සඳහන් කළේ.

අදාල දැරිය පවුලේ ඥාතීන් සමඟ ඇතිකරගත් ආරවුලක් මත සිය නිවසින් පැමිණ ඇති අතර කිසියම් පුද්ගලයෙක් ඇය, සම්බාහන මධ්‍යස්ථානයක් වෙත අලෙවි කර තිබුනා.

එම 15 හැවිරිදි දැරිය සමග ලිංගික සබඳතා පැවැත්වූ එක් අයෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තවත් සමාජ රෝග වැළඳුනු සම්බාහන සේවිකාවන් අටදෙනෙක් මෙහිදී සොයා ගැනුනා.

.