බන්ධනාගාර ගතව සිටින හිරුණිකා ගෙන් යළි ආයාචනයක්. - ජුලි 4 වෙනිදා කරන්න යන දේ මෙන්න.
තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)
එහිදී තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත.
ඒ, අනුව අදාළ ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.