දිවයිනපුරා හින්දු අන්තවාදයක් ගැන රතු එළියක්.. අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්..

Sri Lanka India Hinduism
By Aruna Sep 15, 2023 02:14 AM GMT
Aruna

Aruna

Report

දිවයිනපුරා හින්දු අන්තවාදයක් ව්‍යාප්තවී ඇති බවට සාම්ප්‍රදායික හින්දු භක්තිකයන් චෝදනා කර සිටිනවා.

ඔවුන් පවසන්නේ, හින්දු පෙරපාසල්, සුබසාධන වැඩසටහන්, අධාර බෙදාදීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් මඟින් සාම්ප්‍රදායික හින්දු භක්තිකයන් එම අන්තවාදය සඳහා පොලඹවාගන්නා බවයි.

පසුගියදා රත්නපුර, රක්වාන ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පැවති එවැනි වැඩසටහනකට සාම්ප්‍රදායික හින්දු භක්තිකයන් විරෝධය පලකර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන් පැවසුවේ, ඉන්දීය Rashtriya Swayamsevak Sangh (RSS) සංවිධානය හින්දු අන්තවාදය මෙරට ව්‍යාප්ත කිරීමට සහය දෙන බවයි.

RSS යනු ඉන්දියාවේ දක්ෂිණාංශික හින්දු ජාතිකවාදී, පැරාමිලිටරි, ස්වේච්ඡා සහ සටන්කාමී සංවිධානයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

1925 සැප්තැම්බර් 27 වෙනිදා ආරම්භ කළ මෙම සංවිධානයේ මූලික අරමුණ හින්දු ප්‍රජාව එක්සත්කිරීම සහ “හින්දු විනය” ඇති කිරීමයි.

යුරෝපීය ෆැසිස්ට් ව්‍යාපාර සහ ඉතාලි ෆැසිස්ට් පක්ෂය වැනි කණ්ඩායම් වලින් ආභාසය ලබාගත් RSS ඉන්දීය සංස්කෘතිය සහ එහි ශිෂ්ටාචාරමය වටිනාකම් ආරක්ෂාව වෙනුවෙන් ද ක්‍රියාත්මක වනවා.

එමෙන්ම, මුස්ලිම් විරෝධී ක්‍රියාකාරකම්වලට ඔවුන්ට අවස්ථා රැසකදී චෝදනා එල්ලවී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහය ලබන RSS සාමාජිකත්වය අනුව ලොව විශාලතම අන්ත දක්ෂිණාංශික සංවිධානය ලෙස සැලකෙනවා.

ජනපති හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

ජනපති හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කරයි..


ReeCha