උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට කමිටුවක් - අගමැතිනි හරිනි
උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමට මේ වන විටත් කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටු නිර්දේශ අනුව කළ යුතු වෙනස්කම් සිදුකිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළාය.
මීට අමතරව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කටයුතු 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.