මෙන්න අලුත් රටක් - අයිස් තට්ටුවට පහළින් මතුවුණ භූමිය

By Ashfa Jan 17, 2026 08:59 AM GMT
Report

විද්‍යාඥයින් පිරිසක් විසින් ඇන්ටාක්ටිකාව වසාගෙන ඇති දැවැන්ත අයිස් තට්ටුවට පහළින් සැඟවී ඇති භූමියක් හඳුනාගෙන ඇත. නවතම අධිවිභේදන චන්ද්‍රිකා යොදාගනිමින් අදාළ පර්යේෂක කණ්ඩායම මෙම නව භූමිය සොයාගෙන ඇති අතර, එහි ලැබුණු තොරතුරු පදනම්කරගෙන වඩාත් සවිස්තරාත්මක සිතියමක් ඔවුන් විසින් සකස් කර තිබේ.

අවුරුද්දම ලංකාවට සුභයි වගේ - මෙන්න අලුත්ම තොරතුර

අවුරුද්දම ලංකාවට සුභයි වගේ - මෙන්න අලුත්ම තොරතුර

එමෙන්ම අදාළ චන්ද්‍රිකා දර්ශන තුළින් මෙම භූමියේ දස දහස් ගණනක කඳු, පාෂාණ, නිම්න සහ තැනිතලා යනාදියෙන් සමන්විත ප්‍රබෝධමත් භූ දර්ශනයක් අනාවරණය කරගැනීමට පර්යේෂක කණ්ඩායමට හැකිව තිබේ. වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම දත්ත පදනම් කරගනිමින් අනාගතයේදී සිදුවන මුහුදු මට්ටම ඉහළ යාම් සහ දේශගුණික විපර්යාස පිළිබඳ අනාවැකි පළකිරීමට හැකි බව ඔවුන් පවසයි.