නඩු අවසන් වුණු හෙරොයින් වලට වෙන්න යන දේ

Report

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494 ග්‍රෑම් 48 ක ප්‍රමාණයක් හෙට (28) උදෑසන 10.00 ට INSEE’ සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන තුල විනාශ කිරීමට නියමිත බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවය.

ඔන්න පින පැහැදුන හැටි... මේ අයට විතරක් අද දළදා වඳින්න විශේෂ අවස්ථාවක්...

ඔන්න පින පැහැදුන හැටි... මේ අයට විතරක් අද දළදා වඳින්න විශේෂ අවස්ථාවක්...

]එම මත්ද්‍රව්‍ය තොගයේ එක් කොටසක් 2021.12.15 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතිකයින් 6 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුව ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996 කි. අනෙක් කොටස 2022.04.19 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතික සැකකරුවයන් 07 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ 243 ග්‍රෑම් 052 ක් බව සඳහන් වේ. මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලීසිය දෛනිකව මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි